පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සියඹලාණ්ඩුව සූර්ය විදුලි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර- " වගාවට සුදුසු වෙනත් ස්ථාන ඉක්මනින් ලබා දෙන්න -රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    අගෝස්තු 05, 2021

    යෝජිත සියඔලාණ්ඩුව සූර්ය විදුලිබල උද්‍යානය ස්ථාපිත කිරීම කඩිනම් කරමින් එම ව්‍යාපෘති භූමියට හිමිව ඇතත් ජනතාව විසින් අනවසරයෙන් වගා කටයුතු පිණිස යොදාගෙන ඇති ඉඩම් නැවත ලබා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම පිණිස ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ( 03දින ) වනජීවි රැකවරණය , අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    මෙම සාකච්ඡාව සූර්ය බල , සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා වනජීවි රැකවරණය , අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ කාබනික පොහොර නිෂ්පාදන , ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සියඹලාණ්ඩුව සූර්ය විදුලිබල ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පමාවීමට බළපෑ ප්‍රධාන හේතුව වුයේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තෝරා ගෙන ඇති ප්‍රදේශ වගා කටයුතු පිණිස ජනතාව විසින් අත්පත් කරගෙන සිටීම බව පසුගියදා සූර්ය බල , සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී හෙළි විය. ඒ අනුව ඊට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම පිණිස තමන් හා වනජීවි රැකවරණය , අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් අතර මෙම හමුව සූදානම් කරන මෙන් ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් එහිදී අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව පුනර්ජනනීය බලශක්ති භාවිතය 2030 වන විට 70%ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය. ඊට අදාළ සියළු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූර්ය බල , සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි .

    සියඹලාණ්ඩුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉඩම් නිදහස් කර ගැනීමට මෙන්ම , අනවසර වගාකරුවන්ට සිය වගා කටයුතු සඳහා සුදුසු වෙනත් ස්ථාන කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුබව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය කඩිනමින් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගැනීමට කටයුතු කරන මෙන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

    මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -

     " මම මේ අවස්ථාවට සහභාගී වුණු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාටම ස්තූතිවන්ත වෙනවා . විශාල අවශ්‍යතාවයක් තිබුණු ව්‍යාපෘතියක් මේක. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමත් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියල රැස්වීම් කිහිපයකදීම උපදෙස් ලබා දුන්නා . ඒ වගේම ජනාධිපතිතුමත් මැදිහත්වෙලා මේකට උදව් කරන්නම් කියල කිව්වා .

    ඒවගේම දේශපාලන අධිකාරිය විදිහට ශෂින්ද්‍ර ඇමතිතුමත් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වල එහි ප්‍රතිඵලයක් විදිහට අවසානයේ අපිට තිබුණු ගැටළුවලට විමලවීර දිසානායක ඇමතිතුමත් සම්බන්ධවෙලා උපකාර කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා . ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමාටත් අපි ස්තූතිවන්ත වෙනවා . දේශපාලන අධිකාරිය ඇතුළු මේ ප්‍රදේශය නියෝජනය කරන සියළු මන්ත්‍රීතුමාල මීට සහයෝලය ලබා දුන්නා .

    මේ ව්‍යාපෘතිය හරහා අපි 100 mw ක් නිෂ්පාදනය කර ගන්නවා පමණක් නොවෙයි.ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවටත් අපි යම්කිසි සහනයක් දිය යුතුයි . මේ ව්‍යාපෘතිය හරහා ජාතික විදුලිබල පද්ධතියට විශාල ශක්තියක් වෙනවා. මොකද අපි භාවිත කරන්නේ ඔබතුමාලගේ විදුලිය නිසා ඔබතුමන්ලටත් යම් කිසි සහනයක් ලබා දීමට කටයුතු කරනවා. මේ සහයෝගය ලබා දීපු විදිහටම ඉදිරියේ දීත් අපට ඔබතුමන්ලා සහයෝගය දේවී කියල බලාපොරොත්තු වෙනවා. "

    මෙම සාකච්ඡාවට සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක මහතා, රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, මොණරාගල දිස්ත්‍රික් ලේකම්, සූර්ය බල , සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා , වනජීවි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පාලිත ප්‍රනාන්දු මහතා , සුනිත්‍ය බලශක්ති අධිකාරී සභාපති රංජිත් සේපාල මහතා ,සූර්ය බල , සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂ ( සංවර්ධන ) සුලක්ෂණ ජයවර්ධන මහතා, මොණරාගල දිස්ත්‍රික් ලේකම්, වනජීවිී අධ්‍යක්ෂ ජනරාල් , මොණරාගල ප්‍රාදේශීය ලේකම් හා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya