පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    මෙරට විදුලි ව්‍යාපෘතිවල අයිතිය විදේශීය සමාගම්වලට පවරන්නේ නැහැ- රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    අගෝස්තු 05, 2021

    මෙරට විදුලි ව්‍යාපෘති විදෙස් රටවලට ලබා නොදෙන බවත්, ඒ සම්බන්ධව බොහෝ දුර්මත පවතින බවත් සූර්යබල, සුළං, ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, හේෂා විතාරණ හා චමින්ද විජේසිරි යන යන මහත්වරු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ''සෞභාගයේ දැක්ම '' ජාතික ප්‍රතිපත්තියට අනුව 2030 වන විට පුනර්ජනනීය බල ශක්ති සැපයුම් 70%ක් දක්වා වර්ධනය කිරීමේ ක්‍රියාවලිය කිසිදු වෘත්තිය සමිති බලපෑමක් මත නතර නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    "ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ 2030වන විට 70%ක විදුලිය පුනර්ජනනීය බලශක්තිය මඟින් ජනනය කර ගැනීම . ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒ අනුව අපි සියළුම සැලසුම් ටික හදල තියෙනවා. අද 2025 වෙනකම් සැලසුම් කරල තියෙන CEB සියළුම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව අපි සියළු අංශ දැනුවත් කරල තියෙනවා ."යැයි පැවසූ අමාත්‍යවරයා,
    මීට පෙර යම් බාධක පැවතියත් වර්තමානයේ දී සූර්යබල , සුළං , ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාතයාංශය, විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කර තිබෙන බව පැවසීය.

    "සියළු ගැටළුවලට පිළිතුරු සොයමින් මේ රටේ ජනතාවට ස්ථාවර විදුලිය ලබා දීම සඳහා අපි කටයුතු කරනවා . සමස්ත සැලැස්මත් එක්ක අපි කණ්ඩායමක් විදිහට කටයුතු කරනවා .එක වෘත්තීය සමිතියක් මේ විදිහට ප්‍රකාශ කළා කියල අපේ වැඩසටහන අපි හකුල ගන්නවත්, ඒ අයගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න, ආණ්ඩවක් විදිහට අපේ ප්‍රතිපතිය හකුලා ගන්නටත් කිසිම අවස්ථාව සූදානම් නැහැ. මේ අභියෝග සඳහා ආණ්ඩුවක් විදිහට මුහුණ දෙන්න සූදානම් කියන එකත් අපි මතක් කරනවා " යැයි ප්‍රකාශ කළේ ,පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

    එමෙන්ම ඇමරිකානු සමාගම් සඳහා මෙරට විදුලි බලාගාර පැවරීමක් සිදු කර නොමැති බව පෙන්වා දුන් රාජ්‍ය අමාතයවරයා, නිව් ෆෝටර්ස් එනර්ජි සමාගම ආයෝජන සමාගම විසින් එල්. එන්. ජී සැපයීමට යෝජනා කර ඇත්තේ යුගදනවි බලාගාරය සඳහා පමණක් බව ද ප්‍රකාශ කළේ ය.

    එමෙන්ම ව්‍යාපෘති සිදු කිරීමේ දී ටෙන්ඩර් පටිපාටියට අනුකූලව කටයුතු කරමින් පවතින බව පෙන්වා දුන් දුමින්ද දිසානායක අමාත්‍යවරයා, ඉතා සාර්ථක ටෙන්ඩර් ඇගයීමක් මේ වන විට සිදු කරමින් පවතින බවත් දැනට ක්‍රියාත්මක ටෙන්ඩර් පටිපාටියට කිසිදු බළපෑමක් සිදු නොවිය යුතු බවත් අවධාරණය කළේය.

    අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් සැපයූ තොරතුරු පරිදි අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් ඉදිරියේ දී විදුලිබල අමාත්‍යතුමන් විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය .

    එමෙන්ම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී විදෙස් සමාගම් වෙතට ඒවා ලබා දිමක් කිසිසේත්ම සිදු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා.

    ජාතික විදුලි බල පද්ධතිය වෙනත් පාර්ශවයකට පවරා දීමක් කිසිසේත් සිදු නොවන බවත් , භාණ්ඩාගාරය සතු කොටස් වලින් 40%ක් පමණක් නිව් ෆෝටර්ස් සමාගමට ලබා දීමට මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් පවතින බවත් මෙරට විදුලි ව්‍යාපෘතිවල බහුතර කොටස් දේශීය ආයෝජකයන් සතුව පවතින බවත් අවධාරණය කළේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya