පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ඔලිම්පික් ජයග්‍රහනය කරා යාමට නම් දීර්ගකාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි- ක්‍රීඩා අමාත්‍ය

    අගෝස්තු 05, 2021

    ඔලිම්පික් ජයග්‍රහනය කරා යාමට නම් දීර්ගකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ හේෂා විතාරණය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් අද (05) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා, මේ බව සඳහන් කළේය.

    ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට අහිමි වීම සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ,ඔලිම්පික් ජයග්‍රහනය කරා යාමට නම් වසර 10-15ත් අතර කාලයක් පුහුණුවීම් කටයුතු සිදු කර දීර්ගකාළීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් එම ජයග්‍රහනය කරා යා හැකි ක්‍රීඩකයින් හඳුනාගෙන, මේ වන විට ඔවුන් සඳහා විදේශ පුහුණුව ලබා දී ඇතැයිද කීය.

    මෙවර අපේ ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා ගිය තරඟකරුවන් තිදෙනෙක් පමණක් සිටි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ ජාතික ජයග්‍රහන සඳහා පමණක් ක්‍රිඩකයින්ගේ මානසිකත්වය සකස් වී ඇති බවය. ඇතැම් තරඟකරුන් සපත්තු පවා මෙරට අමතක කර දමා තරඟ සඳහා සහභාගීවීමට යන බවත් එම තරග ජයග්‍රහනය කිරීමේ හැගීමකින් තොරව සංචාරය කිරීමට පමණක් යන බවද අමත්‍යවරයා පැවසීය.

    ඉතිහාසයේ පෙර කවරාදාටත් වඩා වැඩි මුදලක් ක්‍රීඩකයින් සඳහා ලබා දුන් බවත් ඔලිම්පික් පරිසාධනීය මට්ටම ඉක්ම වූ ක්‍රීඩකයන් සඳහා රුපියල් ලක්ෂ 30ක් මුදලක් ලබා දුන් බව කී අමාත්‍යවරයා, අනෙකුත් ක්‍රීඩකයන්ට ලක්ෂ 20ක් සහ පුහුණුකරුවන් සඳහා ලක්ෂ 10ක් මුදලක් ලබා දුන් බව කීය.

    ක්‍රීඩකයින්ට ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වු දින සඳහා දිනපතා ඩොලර් 40ක මුදලක් ලබා දුනි. ක්‍රීඩකයින්ගේ ඇඳුම සම්බන්ධ අවසන් තීරණය ගත්තේ මෙරට ඔලිම්පික් කමිටුව බවත් ඉදිරියේ දී පනතක් සම්මත කර ක්‍රිඩා සංගම්වලට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ ලබා නෙදෙන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

    ඔලිම්පික් තරගාවලිය පවතින ජපානය, බලා පිටත්ව ගියේ තම පෞද්ගලික මුදලින් ගත් ටිකට් පතකින් බව කී අමාත්‍යවරයා,ඔලිම්පික් උළෙලේ දී තමා ජෛව ආරක්‍ෂක බුබුල ඇතුළත සිටි බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya