පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත 'අධි ප්‍රතිකාර ඒකකය' ජනතා අයිතියට

    අගෝස්තු 05, 2021

    කොරෝනා රෝගීන් වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත 'අධි ප්‍රතිකාර ඒකකය' (High Dependency Unit) HDU ඊයේ දින (04) ජනතා අයිතියට පත් කරන ලදී.

    ''කෑගල්ලට හුස්ම පොදක්'' යන තේමාව යටතේ ආරම්භ කර ඇති මෙම ඒකකය, කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන දැඩි සත්කාර ඒකක ඇඳන් 16 කින් සමන්විතය. මෙම ඒකකයේ පිහිටුවීම වෙනුවෙන් වූ සියලු පිරිවැය වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු පරිත්‍යාගශීලීන් විසින් දරා ඇති අතර මේ සදහා රජයේ මුදල් ප්‍රතිපාදන භාවිතකර නොමැත. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ තාක්ෂණික උපදේශනය සපයමින් මෙම ඒකකය ඉදිකිරීම වෙනුවෙන් සුවිශේෂී සහයෝගයක් ලබා දී ඇත.

    ඔක්සිජන් ප්‍රතිකාර සහ අනිකුත් ප්‍රතිකාර සඳහා යොදාගැනෙන නවීන වෛද්‍ය උපකරණ ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර මේ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් විසින් මුදල රුපියල් මිලියන දහයකට අධික මුදලක් පරිත්‍යාග කර ඇත.

    දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් සංඛ්‍යාවත්, ඒ අතරින් ඔක්සිජන් ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් මෙන්ම, අධි ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් සංඛ්‍යාත්මකව ඉහළ යාමත් නිසා HDU ඒකකයක් කෑගල්ල මහා රෝහලේ කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

    දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයකම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව ඇතත්, මෙම ඒකකය මඟින් කෑගල්ල පමණක් නොව ඒ ආසන්න අනිකුත් දිස්ත්‍රික්කවල ජනතාවට මහත් පිටුවහලක් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya