පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    රෝහල්වල හදිසි තත්ත්වයක් නැහැ- හදිසි සැලැස්මක් ක්‍රියාත්මක වුණා පමණයි- නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    අගෝස්තු 05, 2021

    ඇතැම් රෝහල් වන මේ මොහොත වන විට හදිසි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට ඇතැම් මාධ්‍ය හරහා පුවත් පළ වුවද එය හදිසි තත්ත්වයක් නොව හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

    ‍ඔහු මේ බව පැවසුවේ, අද (05) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ, කොවිඩ් රෝගීන් රෝහල්ගතවීමේ ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ඇති බැවින් ඔවුන් දින ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බැවින් රෝහල් වල පහසුකම් ආදිය ලබාදීමට ක්‍රමානුකූලව සූදානම් කළ බවයි.

    රෝගීන් අඩුවෙන් සිටින වාට්ටු වල සිටින රෝගීන් එක වාට්ටුවක රදවමින්, බරපතල නොවන තත්ත්වයේ පසුවන රෝගීන් නිවෙස් වෙත යවමින් දැනට භාවිතා නොවන වාට්ටු සදහා රෝගීන් ඇතුළත් කළ හැකි පරිදි සකසමින් සිදුකළ මෙම හදිසි සැලැස්ම, සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් ඉදිරියේදී රෝගීන් වැඩි වුවහොත් එයට මුහුණදීම සදහා රෝහල් ආශ්‍රිතව පැය කිහිපයක් තුළ සිදුකළ සූදානම්වීමේ වැඩසටහනක් බව පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya