පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ගර්භනී මව්වරුන් සේවයට කැඳවීමේ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර -සෞඛ්‍ය අමාත්‍ය

    අගෝස්තු 05, 2021

    ගර්භණී මව්වරුන් සේවයට කැඳවීම පිණිස අවශ්‍ය කරන නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අද(05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    පසුගිය සතියේ කොවිඩ් රෝගින්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බවත්, පෙර සති හා සාපේක්ෂව දිනකට වාර්තා වන රෝගින් සංඛ්‍යාව 2000ක පමණ ඉහළ අගයක් ගෙන ඇතැයිද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    ඉදිරි මාසයේ වයස අවුරුදු 30ට වැඩි සෑම අයෙකුටම එන්නත් එක් මාර්තාවක් හෝ ලබා දීම රජයේ ඉලක්කය බව පැවසූ අමාත්‍යවරිය,මෙරට භාවිත කරන එන්නත්, සියලුම කොවිඩ් ප්‍රභේදවලට සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍ය විශේෂඥයින්ගේ මතය යැයි කීවාය.

    ආර්ථික ස්ථාවරත්වයක් රටේ ඇති කිරීමට සහ ජන ජීවිතය යතාවත් කිරීමේ කාර්යය රජයට පැවරී ඇති බවත් රෙගුලාසි ලිහිල් කිරීමෙන් කොවිඩ් මර්දනය කිරීමේ නීති රීති ලිහිල් වූ බවක් අදහස් වන්නේ නැතැයි පැවසුවාය.

    ශාරීරික දුරස්ථභාවය සහ ශ්වසන ආචාර විධි පවත්වා ගනිමින්,දෑත් පිරිසිදු කරමින්,මුහුණු ආවරණ පැළඳීම ජනතාව විසින් නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය කෙරෙන අතර මෙම පුරුදු වග කිව යුතු පුරවැසියන් ලෙස අඛණ්ඩව පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya