අලුතින් පිහිටුවන ලද මෙම රාජ්‍ය අමාත්‍යංශය සඳහා වෙනම වැය ශීර්ෂයක් යටතේ අයවැයක් ඉදිරිපත්කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන අමාත්‍යරිය ඒ අනුව අමාත්‍යංශ නිළධාරින් සමග සාකච්ඡා කර නව පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට සැළසුම් කළ බවද පැහැදිළි කළාය.
ප්‍රාථමික සේවා යටතේ මෙරට වෘත්තීය පුහුණු ආයතන 08ක් පාලනය වන බවත්, අබාධිත දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙමින් ඔවුන් සමාජගත කීරීම, මන්දමානසික සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
රාජ්‍ය අමාත්‍යංශය මගින් ග්‍රාමීය ජනතාවට විශාල සේවාවක් ඉටු වන බවත් එම කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළ බවද ඇය සඳහන් කළාය.
මේ වනවිට රු.2,000 සේ මාසික දීමනාව ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව 416,667 ක් බවද ඇය සඳහන් කළාය. වැඩිහිටි ජාතික සංවිධාන එකමුතුවේ ඉල්ලීම මත එම වැඩිහිටියන් සඳහා ලබාදෙන දීමනාවෙන් රුපියල් 100 ක මුදලක් රඳවා තබා ගන්නේ එමගින් වැඩිහිටි නිවාසවල අඩුපාඩු සම්පූර්ණ කිරීමට බව එම මුදල රඳවා තබාගැනීමට එවකට තීරණය කළ බවද ඇය පැවසුවාය.
තවද වයස අවරුදු 100 ට වැඩි පුරවැසියන් සඳහා රජය විසින් රුපියල්5000ක දීමනාවක් ලබා දෙන අතර ඒ සඳහා හිමිකම් ලබා ඇති වැඩිහිටියන් සංඛ්‍යාව 500කි. පොරොතුත් ලේඛනයේ තවත් 30 දෙනෙක් සිටින බවත් ඉදිරියේ දී ඔවුන්ටද එම දීමනාව ලබා දෙන බව සඳහන් කළාය.
වැඩිහිටියන් සඳහා විවිධ පහසුකම් ලබා දීම වෙනුවෙන්, සහ පවතින වැඩිහිටි නිවාස වල ගුණාත්මක භාවය වැඩි කිරීම ආදීය වෙනුවෙන්ද තම අමාත්‍යංශය නිතර කටයුතු කරන බවත් කොවිඩ් වසංගතය හමුවේ ග්‍රාමීය ජනතාව ඇතුළු පිරිසට අති විශිෂ්ඨ සේවාවක් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව හරහා ඉටු කරන බව ද පැවසූ අමාත්‍යවරිය, ගිලන් රථ 297ක් මේ වන විට ධාවනයේ යෙදෙන බව ද සඳහන් කළාය. තවත් ගිලන් රථ 212 ක අවශ්‍යතාවයක් ඇති බවත්, කොව්ඩි අරමුදලෙන් ගිලන් රථ 60ක් ලබා ගැනීමට අනුමත වී ඇති බවද පැවසුවාය.