විවාදයට ගැනීමට නියමිතව තිබූ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අද (06) විවාදයට නොගැනීමට ඊයේ(05) කථානායක මහින්ද යාපා
අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
කෙසේ වෙතත් අද(06) පෙ.ව 10.00 සිට 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කොට ඇති අතර පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා
ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය.
අනතුරුව පස්වරු 4:30 සිට පස්වරු 4.50 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.