මේ වන විට විවිධ මිල ගණන් යටතේ මෙම පරීක්ෂණ පවත්වන බවත් ඒ සඳහා අයකෙරෙන ගාස්තුවල සමානවීමක් පැවතිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එම ආයතනවල පිරිවැය ව්‍යුහයන් පිළිබඳ තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය , ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පශ්චාත් වෛද්‍ය මධ්‍යස්ථානය ,පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව, පෞද්ගලික රෝහල් සහ හෙද නිවාසවල සංගමය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වි සිටි අතර ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල පාලනාධිකාරිය දැනුවත් කර ඉදිරියේදී කටයුතු කිරීමට ක්‍රියාකරන බව මෙම නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී ඇත.