තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙය ක්‍රියාවට නංවා තිබේ. www.rgd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම් ලබාගතහැකියි. මෙම සේවාව මහජනතාවට හදුන්වාදීමක් චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 2 වැනිදා වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.
මෙම ආරම්බක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේ, ජංගම දුරකථනයකින් හෝ ලැප්ටොප් උපාංගයකින් මහජනතාවට මෙම සේවාව ලබා ගැනීමට හැකිවන අතර ඒ සදහා ඉතා සරල (OTP )සත්‍යාපන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ඇති බවයි. අදාළ තොරතුරු ඇතුළත් කර උප්පැන්න සහතිකය, විවාහ සහතිකය හෝ මරණ සහතිකය ලබාගැනීම සදහා හදුන්වාදී ඇති මෙම ක්‍රමයේ ප්‍රයෝජන මහජනතාව ලබාගනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී . සේවාව ලබා ගැනීම සඳහා වීසා හෝ මාස්ටර් කාඩ් මඟින් ගෙවිම් කළ හැකිය.
අවශ්‍ය සහතික තැපැල් මඟින් කඩිනමින් ලබාදීමට හෝ හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට පහසුව සළසා ඇත. අවශ්‍ය විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පත්කර ඇති අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන්ගෙන් ද විස්තර ලබා ගතහැකියී. ඔවුන්ගේ දුරකථන අංක උක්ත වෙබ් අඩවියෙන් ලබාගත හැකියී .