අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගුරුවරුන් පහර එල්ල කළද ඔවුන්ට පෙරළා පහර නොගසන ලෙස ජනපතිතුමාගෙන් ද උපදෙස් ලැබී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එක් පොලිස් නිලධාරියෙකුගේ අතක ඇගිලි දෙකක් අහිමි වි ඇති බව පැවසූ අමාත්‍යවරයා,යහපාලන රජය සමයේ උද්ඝෝෂණයට ගිය රණවිරුවකුගේ ඇසක් අන්ධ වීමට පහර දුන් බව පෙන්වා දුන්නේය.
සංචරණ නීති උල්ලංඝණය කළ කිසිවෙකුට තමා විශේෂ සහන ලබා නොදුන් බවද එසේ ඔප්පු කරන ලෙස තමා විපක්ෂයට අභියෝගකරන බවද අමත්‍යවරයා අවධාරණය කළේය