පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රමිකයින් 500කට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

    අගෝස්තු 06, 2021

    ශ්‍රමිකයින් 500කට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලැබී ඇති බව කම්කරු අමාත්‍ය අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රැකියා සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කර ඇති අතර සුදුසුකම් ලබා ඇති ශ්‍රමිකයින්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය 

    ශ්‍රී ලංකාව සඳහා කොරියානු රජයේ විදේශ රැකියා අවස්ථා 4500ක් ලැබී තිබේ. පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් කොරියානු රජය ශ්‍රී ලංකාව , විදේශිකයින් ගෙන්වාගැනීමේ රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත් එබැවින් මේ දිනවල විදේශිකයින් ගෙන්වා ගන්නේ නැති බවත් එම රතු ලැයිස්තුවෙන් බැහැර වූ විගස මෙරට ශ්‍රමිකයින් කොරියාවේ රැකියා සඳහා යැවිය හැකි බවද විදේශ රැකියා අමාත්‍යවරයා සඳහන් කළේය.
    ජපානයේද මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය හේතුවෙන් විදේශ ශ්‍රමිකයින් ගෙන්වා නොගන්නා බවද අමත්‍යවරයා පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya