ජනාධිපතිවරයා විසින් තීන්දුවක් ගෙන චක්‍ර ලේඛයක් නිකුත් කරන ලද අතර එමඟින් රාජ්‍ය සේවකයින් සඳහා මුර ක්‍රමයට වැඩකිරීමට අවසර ලබා දෙමින්, එමෙන්ම වැඩකරන පැය ගණන 07 ක් දක්වා අඩු කිරීමටත්, එමඟින් පෙරවරු 8.00 සිට 10.00 දක්වා සේවයට වාර්තා කිරීම සඳහා එමඟින් අවස්ථාව සැලසෙන ලදුව, දුම්රිය සහ බස්රථ වල තදබදය බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ රාජකාරියට යන වෙලාවල් වල දී බව තහවුරු කළ හෙතෙම ඒ අනුව සියලු දෙනා හට රාජකාරි සඳහා වාර්තා කරන්නැයි පැවසීම මඟින් කොපමණ නීති අඩංගු කළ ද, කොපමණ වාහන යෙදවුව ද ප්‍රයෝගික නොවන බව ද අවධාරණය කළේය.
ඒ අනුව, මෙම නව ධාවන ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින් ඇතිවන තදබදය යම්තාක් දුරකට අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද, පෞද්ගලික අංශය ද මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද, හෙතෙම ප්‍රකාශ කළේය.
පොදු ප්‍රවාහනය නැවත සක්‍රීය කළ ද වසංගත තත්ත්වය දිනෙන් දිනම වැඩි වීමේ තර්ජනය එලෙසම පවතින නිසා පොදු ප්‍රවාහන සේවය සියයට සියයක් ආරක්ෂාකාරී නොවන බැවින් ආරක්ෂා කාරී වීම මඟියා විසින් ද යුතුකමක් ලෙස සළකා සිදු කළ යුත්තක් බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා බස් රථ හිමියන්ට ද නීති රීති මාලාවක් කොවිඩ් ව්‍යාප්ත වීම වලක්වාලීම උදෙසා අනුගමනය කිරීමට පනවා ඇති බවත්, එම නීති රීති බොහොමයක් අයවලුන් අනුගමනය කරන අතරතුරේ ඉතාමත් සුළු පිරිසක් රම නීති කඩ කිරීම් සිදු කරනු ලබන බවත් පසුගිය කාලයේ දී ඒ සම්බන්ධව නීතිමය කටයුතු සිදු කිරීමට ද සිදු වූ බවත් මෙහි දී සඳහන් කළේය.