පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    මි.මී. 50ට වැඩි තරමක තද වැසි

    අගෝස්තු 09, 2021

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (09) නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් කරයි.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතේත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි බවද නිවේදනයේ දැක්වෙයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya