අනුරාධපුර ඓතිහාසික මිහින්තලය ආශ්‍රිතව ඉදිකර තිබෙන වෙහෙර විහාරස්ථාන අතුරින් සුළුගුළු විහාරස්ථානය ආශ්‍රිත පුරාවිද්‍යා භූමිය සුවිශේෂී ස්ථානයක් ගන්නා බවත්, අනුරාධපුර මුල් යුගයට අයත් ආරාමික නටබුන් මෙහි දක්නට ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරයි.
සුළුගුළු උපාසකතුමන් මලියදේව මහ රහතන්වහන්සේ උදෙසා කරවන ලද විහාරයක් බවත් සුළුගුළු උපාසකතුමන් මෙම පුණ්‍ය භූමියේ වෙද මැදුරක් කරමින් සිටියදී කැඳ වැළදීමට මලියදේව මහරහතන් වහන්සේ වැඩිබවත් එහිදී මෙම භූමිය ආරාමයක් කොට රහතුන්වහන්සේ උදෙසා පුජා කළ බවත් ජනප්‍රවාදයේ කියැවේ.
කැණීම් කටයුතු ආරම්භ කළ සුළුගුළු චේතියාරාම රජමහා විහාරස්ථානයේ චෛත්‍යයේ මලියදේව මහ රහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන්නට ඇති බවට මතයක් පවතින බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුළුගුළු චේතියාරාම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමි,කන්තලේ මහින්ද හිමි,අකුරේගොඩ දේවානන්ද හිමි, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ කේ.ඩී.පාලිත විරසිංහ, පුරාවිද්‍යා කැණීම් නිලධාරී ඒ.ඒ.විජේරත්න, වැඩබිම් කළමනාකරු ටී.එම්.චමිපා කුමාරි, පුරාවිද්‍යා කලාප භාර නිලධාරී ආර්.එම්.එම්.බී.රත්නායක, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීහු හා රාජ්‍ය නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.