පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් රෝගීන්ගේ පහසුව පිණිස ස්පන්දන ඔක්සිමීටර පරිත්‍යාගයක්

    අගෝස්තු 10, 2021

    රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර (PULSE OXIMETER) 300ක් කැලණිය මානෙල්වත්ත විහාරාධිපති, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යනායතනයේ උපකුලපති, තායිවානයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ (06)දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්හ.

    මෙම උපකරණ තොගය කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාරවලට යොමු වන රෝගීන්ගේ පහසුව සඳහා බෙදා හැරීමට නියමිත ය.

    වසංගත තත්ත්වයට මුහුණ දෙමින් කොවිඩ් රෝගය පාලනය කිරීම උදෙසා රජය ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙළ අගය කරන බව ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ මෙහි දී පැවසූහ.


    එන්නත්කරණය ඔස්සේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, රජය ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙන් ම ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවිධ ස්වේච්ඡා සංවිධාන සහ පෞද්ගලික ආයතනවලින් ලැබෙන දායකත්වය ද අග්‍රාමාත්‍යවරයා, අගය කළේ ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya