පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැහැ - අමාත්‍ය රමේෂ් පතිරණ

    අගෝස්තු 10, 2021

    රට තුළ සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ඒ පිළිබදව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර ඇති බවත්, අදාළ මිලට සීනි ලබාදීමට අවශ්‍ය නීතිමය විධි විධාන සකස් කර ඇති බවත්, කැබිනට් සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙවැනි කාලසීමාවක වැටලීම් සහ අනෙකුත් පීඩාවට පත්වන ක්‍රමවේද නිසා විශාල ගැටලුවක් සෑම කෙනෙකුටම ඇති වන බවද, එම නිසා මෙම නීති රාමුව තුළම නොසිට අනෙකුත් ක්‍රමවේදයන් ඔස්සේද මෙම සහන ලබාදීමට රජය උත්සාහ කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.

    සීනි හිඟයක් ඇති වෙතැයි පාරිභෝගිකයන් අතරද ගැටලුවක් මතුවී තිබෙන බවද, ගෑස් මිලදී ගැනීමටද විශාල පිරිස් මෙම දින වල ඒකරාශී වී ඇතැයි සිහිපත් කළ අමාත්‍යවරයා , ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල වශයෙන් මාස 03ටත් අධික කාලයක් සඳහා සීනි සංචිතයක් පවතින බව කීය.

    සීනි වල බදු අඩු කිරීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් සීනි ආනයනය කර ඇති බැවින් මෙලෙස සංචිතයක් පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    ගෑස් තත්ත්වය පිළිබදව ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇතැයිද, සෑම පැත්තක්ම කළමනාකරණය කරගනිමින් මෙම අවස්ථාවේ අසීරු ගමනක් යෑමට රජයට සිදුවුවද රජය සෑම විටම තීන්දු තීරණ ගන්නේ පාරිභෝගිකයාගේ පැත්තේ සිට බව අමාතයවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya