පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    හොඳම සහ ආසන්නම අංග සම්පූර්ණ විසඳුම එන්නත්කරණයයි

    අගෝස්තු 10, 2021

    කොවිඩ් වසංගතයට එරෙහිව හොඳම සහ ආසන්නම අංග සම්පූර්ණ විසඳුම වශයෙන් ලෝකය පිළිගන්නේ,එන්නත්කරණය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    රජයට සහ සෞඛ්‍ය අංශ වලට යම් පාලනයක් කරගෙන යා හැකි බව ලෝකයේ ප්‍රභලයන්ගේ ප්‍රකාශ පදනම් කරගනිමින් තමා විශ්වාස කරන බව පැවසූ අමාත්‍යවරයා, මෙම ව්‍යසනයට ඇති හොඳම සහ ආසන්නම අංග සම්පූර්ණ විසදුම වශයෙන් ලෝකයම පිළිගන්නේ එන්නත්කරණය බවද එන්නත් මාත්‍රා 02 ලබාගැනීම වැදගත් බවද අවධාරණය කළේය.

    සැප්තැම්බර් මාසය වන විට එන්නත් මාත්‍රා මිලියන 32ක් මෙරටට ලැබෙන බවද, ඒ අනූව 18ට වැඩි සියලු දෙනාට එන්නත් 02 ලබාගත හැකි තැනට රට පත් කරන බවද කළ හැකි හොඳම දෙය එන්නත් මාත්‍රා 02ම සෑම පුරවැසියෙකුටම ලබාදීම බව අමාත්‍යවරයා පැවසුවේය.

    ඉක්මණින් තමන්ගේ එන්නත ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, ඇදිරි නීතිය ගෙන එන්නේ ආණ්ඩුව නොවන බවත්, ජනතාව ක්‍රියාත්මක වන ආකාරයෙන් ඇතිවන ප්‍රවණතාවයන් වලට පිළිතුරක් ලබාදීම ආණ්ඩුව සිදුකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

    ඇදිරිනීතිය පනවන්නේද යන ගැටලුවට පිළිතුරු දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, සියලුව කරුණු කාරණා සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට රජය බැදී සිටින බවයි.

    රජය විසින් මහජන ඒකරාශීවීම් වැළැක්වීම සම්බන්ධව ගැසට් පත්‍රයක් නිකුත් කරනවානම් එය සිදුකරනුයේ රෝගය පැතිරීම පාලනයට විනා වෙනත් අරමුණකින් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya