පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    සයිනොෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව 307,267 කට ලබාදෙයි

    අගෝස්තු 10, 2021

    කොවිඩ් වසංගතයට එරෙහිව සිදු කෙරෙන එන්නත්කරණය මේ වනවිට වේගවත්ව ආරක්ෂක හා සෞඛ්‍ය අංශ විසින් දිවයින පුරා සිදු කරමින් සිටියි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වලට අනූව ඊයේ (09) සයිනොෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව 307,267 දෙනෙකුට ලබාදී ඇත.

    එම එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ 153,958 දෙනෙකුට ලබාදී ඇති අතර ඊයේ පස්වරු 08.30 වන විට සමස්තයක් වශයෙන් සයිනොෆාම් පළමු මාත්‍රාව 8,948,551 දෙනෙකුටද, දෙවන මාත්‍රාව 2,369,042 දෙනෙකුටද ලබාදී ඇත.

    ඊයේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි පළමු මාත්‍රාව 25,576 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 3,620 දෙනෙකුටද ලබාදී ඇති අතර ඊයේ පස්වරු 08.30 වන විට සමස්ත ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව 1,152,584 දෙනෙකුටද දෙවන මාත්‍රාව 865,364 දෙනෙකුටද ලබාදී ඇත.

    ෆයිසර් එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ(09) පුද්ගලයින් 169 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 215 දෙනෙකුට ලබා දී ඇත. ඊයේ පස්වරු 08.30 වන විට සමස්තය ලෙස ෆයිසර් පළමු මාත්‍රාව 251,643 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 748 දෙනෙකුට ලබාදී අවසන් කර ඇත.

    ඊයේ දක්වා ලබාදී ඇති ස්පුට්නික් එන්නතෙහි සමස්තය සැලකීමේදී එහි පළමු මාත්‍රාව 159,081 දෙනෙකුටද, දෙවන මාත්‍රාව 14,516කටද ලබාදී අවසන්ව ඇත.මොඩර්නා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී ඇත්තේ පුද්ගලයින් 748,936 දෙනෙකුටය.

    vac 09

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya