ඒ මහතා එසේ පැවසුයේ , ජපානයේ ටෝකියෝහි කවගුචි නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් හමුවී කල සාකච්ඡාවනික් අනතුරුවයි.
ජනතා ආදරය දිනා ගනිමින්, ජනතා ප්‍රසාදයට ලක්වෙමින් නගර සංවර්ධන කිරීම පිළිබදව එහිදී පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාට ජපානයේ ටොකියෝහි කවගුචි නගරයේ (Kawaguchi city) නගරාධිපති නොබු ඔකුනුකි (Mayor of Kawaguchi Mr. Nobuo Okunuki) මහතා ඇතුළු පිරිසක් ඔවුන්ගේ අත්දැකීම් පවසා ඇත.
කසල කළමනාකරණ ව්‍යාපෘති, කොම්පොස්ට් ව්‍යාපෘති, මං මාවත් පුළුල් කිරීමේ ව්‍යාපෘති, කුඩා නිවාස ඉවත් කර පුළුල් නිවාස යෝජනා ක්‍රම ඇතිකිරීම මගින් පළාත් දහයකට වැඩි ප්‍රමාණයක පළාත් පාලන ආයතන 300කට වැඩි ප්‍රමාණයකින් දෙවතාවක් පිට පිට පළමු තැනට කවගුචි නගර සභාව පත්වී තිබේ.
කවගුචි නගරය ආදර්ශමත් නගරයක් ලෙසට පත් කිරීම සදහා කවගුචි නගර සභාවේ නගරාධිපති ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලය විශාල කැපකිරීමක් කර තිබේ. ශ්‍රී ලංකාව තුළද පළාත් පාලන ආයතන සංවර්ධන කිරීමේදී, නාගරික, අර්ධ නාගරික, හා ග්‍රාමීය පිහිටීම පිළිබදව අධික්‍ෂණය සිදු කරමින් විවිධ වූ සංවර්ධන කටයුතු දැනටමත් ක්‍රියාත්මක කරන බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පැල්පත් නිවාස වෙනුවට විධමත් නිවාස ලබාදීම, පිරිසිදු පානීය ජලය ලබාදීම , ග්‍රාමීය මාර්ග, කෘෂී මාර්ග සංවර්ධනය කිරීම, පෙර පාසල් දියුණු කිරීම සතිපොළ, දිවාසුරැකුම් මධ්‍යස්ථාන, පුස්තකාල ඉදිකිරීම ඇතුළු කඩිනම් සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ඔවුන් සමග පැවසීය. එමෙන්ම මීට පෙර ගිලන්රථයක් ලබදීම පිළිබදවද අමාත්‍යවරයා ඔවුන්ට ස්තූතිය ප්‍රකාශ කරන ලදි.
(කොවිඩ් වසංගතය ගෝලීය අර්බුදයක්ව පැවතියද ශ්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන ගෙන යන සංවර්ධන ක්‍රියාවලිය කිසි ලෙසකින්වත් අතපසු නොකරන බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට ජපානයේ කවගුච් ( Japan Kawaguchi) , සයිටම (Saitama)හි කවගුචි සභාවේ නගරාධිපත් නොබු ඔකුනුකි (Mayor of Kawaguchi Mr. Nobuo Okunuki, Saitama Prefectural Assembly Member Mr. Yasuhiro Tateishi, Mr. Taro Inoue (President Sai Net Corporation) Mr. Moribu Sugaya (Young Farmers Association President) යන අය සහභාගී විය.