අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුහු මේ බව පැවසූහ.
ගුරු වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කර තිබෙන බව පවසන ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ,වසර 24ක් පුරා පවතින මෙම ගැටලුව විසඳීමට රජයට යම් කාලයක් ලබා දිය යුතු බව පැවසුවාය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්පූර්ණයෙන් විසඳීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දෙන ලෙසත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියා කරන ලෙසත් මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් නිදහස් ගුරු සංගමයේ විධායක සභික බුද්ධික අත්තනායක මහතා සියලු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළේ ය.