පෙබරවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය සේවා සපයන ආයතනය සම්බන්ධයෙන් විමසීම් පහසු කිරීමට ක්ෂණික දුරකතන අංකයක්

    අගෝස්තු 10, 2021

    මූල්‍ය සේවා සපයන ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරනු ලබන විමසීම් සඳහා 1935 දරන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දෙයි

    1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව ස්ථාපනය කරන ලද මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයින් විසින් සිදුකරන පැමිණිලි හැසිරවීමේ තනි ඒකකයක් ලෙස කටයුතු කරයි.

    භාෂා තුනෙන් ම මහජනතාව සිදු කරනු ලබන විමසීම් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 1935 දරන ක්ෂණික දුරකතන අංකය හඳුන්තවා දීමට කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූල්‍ය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණිල්ලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රයක් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලදී.

    මෙමගින් පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් කාර්යක්ෂමව සිදුවනු ඇති අතර මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය භාවිත කර නිවැරදි තොරතුරු සහිතව පැහැදිලි හා සංක්ෂිප්ත පැමිණිල්ලක් යොමු කිරීම සඳහා මූල්‍ය පාරිභෝගිකයින් උනන්දු කරවනු ලැබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya