පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    එන්නත් ලබාදීමට යෙදවූයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ යුධ හමුදා වෛද්‍ය බලකායයි- ආරක්ෂක ලේකම්

    අගෝස්තු 11, 2021

    කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා යෙදවූයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ යුධ හමුදා වෛද්‍ය බලකාය බවත් මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශය සම්බන්ධ වූ බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

    ඊයේ (10) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

    එන්නත්කරණය පිළිබඳ නොදන්නා පිරිසක් ඒ් සඳහා යොදවා ඇතැයි ඇතැම් පුද්ගලයින් සිදු කරන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන් ලේකම්වරයා, මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීම‌ වෙනුවෙන් ආරක්ෂක අංශය සෑම විටම පෙරට පැමිණි බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරය පැවසුවේ, වෙනත් රටවලට එන්නත ලබා ගත නොහැකිව තිබියදීත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවල්
    සමඟ සම්බන්ධවෙමින් කොවිඩ් මර්ධන එන්නත් මිලියන දෙක හමාරක් මෙරටට ගෙන්වා ගැනීමට සමත් වූ බවය. රජය මෙම එනන්තකරණ වැඩපිළිවෙලට සූදානම් වන අතර සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වර්ජන රැල්ලක් පැමිණි බවත් වසංගතය හේතුවෙන් ඇති ජීවිත තර්ජනය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට මැදිහත් වූ බව පැවසීය.

    ඒඅනුව 2000ත් 3000ත් අතර පැවති දෛනික එන්නත්කරණ වැඩපිළිවෙළ දිනකට ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යවක් දක්වා ඉහළ නැංවීමට කිරීමට හැකි වූ බවද ආරක්ෂක ලේකම් වරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya