බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම උදෙසා මෙම ආයුර්වේද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කඩිනමින් පිළිසකර කර ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කෙරිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, දෙහිවල නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්, ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීමේදී සිදුකළ යුතු වෙනස්කම් සහ රෝගීන්ගේ පහසුව උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව එහිදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන රෝගීන් උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවල දී බටහිර වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ජයන්ත හේරත්, කලුබෝවිල රෝහලේ වෛද්‍ය චූලා සේනාරත්න යන මහත්වරුන්, ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.