පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලමේ මුහුදු ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා වෙළඳ ඇමැතිගේ නිරීක්ෂණයට

    අගෝස්තු 11, 2021

    පුත්තලම දිස්ත්‍රික්ක‌යේ වැනමි ඉස්සන් වගාව සහ මුහුදු ආහාර නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා කිහිපයක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා නිරීක්ෂණය කළේ ය.

    පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් කොටු 2924ක් පමණ පවතින අතර ජෛව ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් මෙම ඉස්සන් වගාව තවදුරටත් දියුණු කිරීමට සැළසුම් කර ඇත. ඒ් අනුව ඉදිරි වසර 03ක දී මෙහි අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ඉපයීම ඉලක්කය වන අතර ඉස්සන් මෙට්‍රික් ටොන් 100,000ක් නිෂ්පාදනය සඳහා මේ වන විට කටයුතු සූදානම් කොට තිබේ.

    මෙහිදි පැවතී සාකච්ඡාවේදී මෙම ඉස්සන් වගාවේ නියැළෙන පිරිස සඳහා එක් අවුරුදු පොලී රහිත ණය මුදලක් ලබා දීමටත්, සමුද්‍රීය මත්ස්‍ය සම්පත ආශ්‍රිතව හඳුනා ගනු ලබන නව ව්‍යාපෘති යෝජනා රැසක් කෙරෙහි ද අවධානය යොමු කර ඇත.


    මෙරට පවත්නා විදේශ විනිමය අර්බුදයට පිළීතුරක් ලෙස අපනයන ඉලක්ක කර ගත් කර්මාන්ත වැඩිදියුණූ කිරීමේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය ව්‍යවසායකයා දිරි ගැන්වීමෙන් ඔවුන් මෙරට ආර්ථීකයට සෘජුවම දායක කර ගැනීම මෙහි අරමුණ වේ.


    මෙම නිරීක්ෂණ කටයුතු සඳහා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගී විය.
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya