ඔහු මේ බව පැවසුවේ, අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් 19 වසංගතයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර යන මැයින් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වර්තමානයේ රට තුළ ඇතිවී ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ දේශීය වෛද්‍ය අංශයෙන් සේවා සපයනු ලබන ආයුර්වේද අංශයටත් ජනතාවට දේශීය වෛද්‍ය අංශයෙන් සේවා සැලසීමට යම් කිසි කාර්යයභාරයක් පැවරුණු බව සිහිකළ ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ, ඒ සඳහා අමාත්‍යතුමාගේ නායකත්වයත් සමඟ රෝහල් පද්ධතියේ හැකිතාක් දුරට කොවිඩ් ආසාදිතයින්ට සේවා සැපයීමට ඉඩකඩ ලබාදුන් බවයි.
නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය හා ලංකාවේ පළාත් සභා 09ම ආවරණය වන පරිදි රෝහල් පද්ධතියේ පහසුකම් සහිත රෝහල් සඳහා කොවිඩ් රෝගීන් ඇතුළත් කරගෙන ප්‍රතිකාර ලබාදී ඉතා ඉක්මණින් සුවකර නිවෙස්වලට යැවීමේ වැඩපිළිවෙලක් මේ වන විට අරඹා ඇතැයිද, ඒ අනූව රෝහල් පද්ධතියේ ඇදන් වලින් 48%ක් කොවිඩ් ප්‍රතිකාර සදහා වෙන්කර ඇතැයිද ඔහු කියා සිටියේය.
ප්‍රජා සෞඛ්‍ය සේවාව හරහා කොවිඩ් නිවාරණය සඳහා වඩාත් අවධානය යොමු කරමින් ලංකාව පුරා සිටින ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දහසකට වැඩි පිරිසක් යුහුසුළුව නිවාරණ කටයුතු කරන බවද,දින දහයක් රෝහල්ගත වීමෙන් පසු ඇතිවන සංකූලතාවලට පශ්චාත් ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගන්නා බවද ඔහු පැවසුවේය.
රෝහල්වල ඇදන් 1033ක් වෙන්කර ඇතැයි ද ඊයේ (10 ) රාත්‍රිය වන විට රෝගීන් 835 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිට ඇතැයිද අඛණ්ඩව ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීම ද සිදුවන බව කොමසාරිවරයා පැවසිය.