පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙන යමින් විදේශ විනිමය ලබාගැනීමට වැඩපිළිවෙලක් - රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි

    අගෝස්තු 11, 2021

    දේශීය සාම්ප්‍රදායික ඖෂධ පිළිබද ඉල්ලුමක් පවතින බවත්,විදේශ විනිමය ලබාගැනීමට වැඩපිළිවෙලක් වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය ගමන් කරන බවත්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ''කොවිඩ් 19 වසංගතයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ''පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී
    අදහස් දක්වමිනි.

    ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත අපගේ දේශීය ඖෂධ රාශියක් සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කළ පාරම්පරික වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඖෂධ 14කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත් මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් රෝගියා සුවය ලබා රෝහලෙන් එළියට විත් ඔහු දේශීය චිකිත්සක ක්‍රම අනුගමනය කළ බව පැවසීය.

    මෙම ඖෂධ වර්ග සමඟ ''සුව චර්යා'' සෞඛ්‍ය වැඩසටහන මේ වන විට පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අරඹා ඇතැයිද, නිවෙස්වල ප්‍රතිකාර
    ලබන කොවිඩ් රෝගීන් සදහා සුවධරණී සුව තොරතුරු සේවාව අරඹා ඇති අතර ඔවුන්ට වෛද්‍ය උපදෙස් ලබාදීම සහ නිවැරදි මඟපෙන්වීම සඳහා ප්‍රජා වෛද්‍ය සේවය ශක්තිමත් කරමින් ඊට ලේඛණයක් පිළියෙල කර මෙහෙයුම් කාර්යාලයක් අරඹා සෑම දිස්ත්‍රික්කයකටම දුරකතන අංක සහිතව ප්‍රජා වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කා තොරතුරු ප්‍රකාශයට පත්කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    මෑත කාලයේ දේශීය චිකිත්සක ක්‍රමය ලද විශාල ජයග්‍රහණයක් වශයෙන් විශිෂ්ට පාරම්පරික දැනුම් සම්භාරය උපයෝගී කරගනිමින් ''අපේ වෙඳ මහත්තයා'' වෙබ් අඩවිය ඇරඹූ බවද, වසංගත රෝග තත්ත්වය හමුවේ ලෝකයම දේශීය සම්ප්‍රදායික වෙදකම් දැනුම් පද්ධති පිළිබද සොයා බලන බවද චීනය, වියට්නාමය වැනි රටවල් බටහිර වෙඳකම හා සාම්ප්‍රදායික දැනුම ඒකාබද්ධ කරගත් ජයග්‍රහන භුක්තිවිදින බවද ප්‍රකාශ කළේය.

    බටහිර වෛද්‍ය ක්‍රමයේ ගුණාත්මක ලක්ෂණ දේශීය වෛද්‍ය ක්‍රමයට උපයෝගී කරගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කරමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, එහි පියවරක් ලෙස අපේ වෙඳ මහත්තයා වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බවත් එමගින් ඕනෑම මොහොතක අවශ්‍ය වෛද්‍යවරයා සොයාගත හැකි බවත්, එක් එක් ශීර්ෂයන් යටතේ වෙඳමහතුන් පෙළගස්වා ඇති අතර ඔවුන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාමට විස්තර එමගින් ලබාගත හැකි බව පැවසුවේය.

    ''සුවධරණී '' නමින් ත්‍රෛමාසික ජාත්‍යන්තර ඉංග්‍රීසි සඟරාවක් එළිදක්වා ඇති අතර අපනයන ක්ෂේත්‍රයට අදාළ ජයග්‍රහණ රටට ලබාදීම සඳහා සහ විදේශ රටවල් අරමුණු කරගනිමින් දේශීය
    වෙඳකම, ආයුර්වේදය සහ පාරම්පරික ඖෂධ හඳුන්වාදීමට, අලෙවි කිරීමට අවශ්‍ය වෙළදපොල සකස්කරගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවද අමාත්‍යවරයා කීවේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya