පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස්වරයා වීම පිළිබඳව සිය සතුට පළ කළ ඇපල්ටන් මහතා, දෙරට අතර සහයෝගීතාව ඉදිරියටත් වර්ධනය කිරීමට ඇති කැමත්ත අග්‍රාමාත්‍යතුමා
හමුවේ සැළ කර සිටියේය.
ලොව විශාලතම කිරි නිෂ්පාදන රටක් ලෙස නවසීලන්තය, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය උදෙසා තාක්‍ෂණය සහ දැනුම හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව මහ
කොමසාරිස් ඇපල්ටන් මහතා මෙහි දී පැවසීය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙයට පෙර පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, ක්‍රීඩාවන් ඔස්සේ දෙරට අතර ජාතීන්ගේ සුහඳත්වය තහවුරු
කළ හැකි බවට විශ්වාසය පළ කළේය.
මිත්‍රශීලී රටක් ලෙස නවසීලන්ත රජය සමඟ ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රි ලංකා රජය කැපවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ
කොමසාරිස්වරයා ලෙස සාර්ථකවීමට එඩ්වඩ් ඇපල්ටන් මහතාට සුබ ප්‍රාර්ථනා කළේය.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ
ට්‍රැවලර්, හිටපු නවසීලන්ත කොන්සියුලර් සේනක ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.