ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රී ත වැව්, ජලාශ හා වාරී මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රථිපාදන මගින් වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි, රුපියල් මිලියන නවයක වියදමින් මෙම වැව ප්‍රථිසංස්කරණය කටයුතු කිරීමට නියමිත අතර, මාස 03 ක් තුළ එහි වැඩ නිම කිරීමට නියමිතය.
මිහින්තලය ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී චින්තන රුක්මන් මහතාගේ ඉල්ලීමක් මත මෙම වැව ප්‍රථිසංස්කරණය කිරීම සිදු කෙරේ.
මීට පෙර අක්කර 40 ක් පමණ මෙම වැව යටතේ වගා කර ඇති අතර, වැව ප්‍රථිසංස්කරණය කිරීම මගින් තවත් අක්කර 30 ක් අලුතින් අස්වැද්දීමේ හැකියාව පවතින බව එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් අමාත්‍යයවරයාට පැවසීය.ඒ අනුව එම ගම්මානයේ ඉඩම් නොමැති පවුල් වෙත අස්වැද්දිය හැකි නව ඉඩම් බෙදා දෙන ලෙසද අමාත්‍යයවරයා ප්‍රාදේශීය ලේකම්තුමන්ට උපදෙස් ලබා දුන්හ.
වසර ගණනාවකින් පිළිසකර නොවුණ කුඹහා වැව ප්‍රථිසංස්කරණය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධානය අමාත්‍යවරයාට තුති පුද කළහ.
මෙම අවස්ථාවට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා, මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු එස්.ඩී. මැදිවක මහතා ඇතුළු වාරී මාර්ග නිළධාරීන්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.