මෘතදේහ ආදාහනයේදී පැන නගින ගැටළු පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දුනි.
දැනට පළාත් පාලන ආයතන සතුව ආදාහනාගාර 239ක් පවති. ඒවායෙහි අබලන්ව පවතින ආදාහනාගාර අලුත්වැඩියා කිරීම, විදුලිය විසන්දි වූ විට භාවිතය සදහා විදුලිජනක යන්ත්‍ර ලබාදීම, ගෑස් සංචිත පවත්වා ගැනීම, සේවක ආරක්‍ෂිත ඇදුම් හා උපකරණ ලබාදීම, ප්‍රධාන ගැටළු ලෙස හදුනාගෙන ඇත. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රෝහල් මගින් රැගෙන එන කොවිඩ් මෘතදේහ විධිමත් ලෙස රැගෙන නොඑම, සෞඛ්‍ය අංශ සහ ආදාහනාගාර පාලන අංශ සමග මනා සම්බන්ධතාවක් පවත්වා නොගැනීම ඇතුළු ආදාහනාගාර වල කටයුතු වලටද බාධාවක් පැනනැගීමට හේතුවක් බව පවසන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද දන්වා සිටි.
ඒ මගින් නියමිත වේලාවක් වලදී ආදාහන කටයුතු විධිමත්ව සිදුකීරීමට හැකිවන බවත්, ආදාහනාගාර සේවකයින්ට, සෞඛ්‍ය අංශ සේවකයින්ට හා මෘතදේහ හිමි ඥාතීන්ට ගැටළුවක් ඇති නොවීමට කටයුතු කරන බවද රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ 54ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ 28ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ 24ක්ද වශයෙන් බස්නාහිර පළාත තුළ ආදාහනාගාර 106ක් පවති.
මධ්‍යම පළාතේ 27ක්ද, දකුණු පළාතේ 40ක්ද, උතුරු පළාතේ 2ක්ද, නැගෙනහිර පළාතේ 6ක්ද, වයඹ පළාතේ 24ක්ද, සබරගමුව පළාතේ 16ක්ද, උතුරු මැද පළාතේ 7ක්ද, ඌව පළාතේ 11ක්ද වශයෙන් ආදාහනාගාර ඇත.