“දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ලනු ලබන ක්‍රියාමාර්ග” යන මැයෙන් (11) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආයුර්වේද කොමසාරිස්වරයා මෙම අදහස් පල කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ පළාත් සභා නවය ආවරණය වන පරිදි දැනට තෝරා ගෙන ඇති නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය ඇතුළු පහසුකම් සහිත ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බවත්, සමස්ත ඇඳන් සංඛ්‍යාවෙන් 48% ක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති බවත් ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
වත්මන් රජය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේශීය වෙදකම ප්‍රවර්ධනයට විශේෂ අවධානය යොමු කර ඇත. ඊට අනුකූලව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපනය කරනු ලැබීය.
කොවිඩ් වසංගතයට ගොදුරුවන රෝගීන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර භාවිතයෙන් සුවපත් කිරීම පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මෙම සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
ඊට අමතරව දිවයින පුරා විසිරී සිටින 1000 කට අධික ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගනිමින් කොවිඩ් රෝග නිවාරණය කර ගැනීමට ප්‍රතිකාර කිරීමටත්, රෝගීන් සුවපත් වී ගිය පසුව ඇතිවන සංකූලතා සැලකිල්ලට ගනිමින් පශ්චාත් ප්‍රතිකාර සිදු කිරීමටද පියවර ගෙන ඇත. ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ රෝග ලක්ෂණ, සංකූලතා හා ආහාර රටාව ගැනද අවධානය යොමු කිරීම විශේෂත්වයකි. පළාත් සභා, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මටට්ටමෙන් සුවධරණී, සුව තොරතුරු සේවාවක් ආරම්භ කර ඇත. නිවෙස්වල ප්‍රතිකාර ලබන
රෝගීන්ට දේශීය ඖෂධ හා නිවැරදි මග පෙන්වීම ලබා දීමටත් ප්‍රජා වෛද්‍ය සේවය ශක්තිමත් කිරීමටත් පියවර ගෙන ඇත. මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම ප්‍රජා වෛද්‍ය නිලධාරීන් පිළිබඳව තොරතුරු දුරකථන අංක ද සහිතව ප්‍රකාශයට පත් කර ඇත.
කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීම සඳහා මුවවැස්මක් භාවිතය, දෙදෙනෙකු අතර ප්‍රමාණවත් පරතරයක් පවත්වා ගැනීම, දෑත් පිරිසිදු කිරීම, ස්වසන ක්‍රියාවලිය පිළිබඳව සැලකිලිමත්වීම, ප්‍රතිශක්තිකරණය ආරක්ෂාවන ආහාර රටාවකට යොමු වීම, කොත්තමල්ලි වැනි දේශිය ඖෂධ නිතර පානය කිරීම වැනි ක්‍රම අනුගමනය කිරීමෙන් රෝගයට ගොදුරු නොවී සිටීමට පිළිවන. ඊට අමතරව දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අය වැඩි වශයෙන් කොවිඩ් උවදුරට ගොදුරුවීමේ ප්‍රවණතාවක් පවතින නිසා ඔවුන්ට ඉන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු, පාරම්පරික ලියාපදිංචි වෛද්‍යවරු පිළිබඳව තොරතුරු ඇතුලත් www.apewedamahaththaya.gov.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත. විවිධ රෝගී තත්ත්වයන්ට අදාළ වෛද්‍යවරු පිළිබඳව තොරතුරු මෙම වෙබ්අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.