Covid -19 රෝගීන් සඳහා මීට පෙර එක් වාට්ටුවක් වෙන් කර තිබුණ ද ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමගම ළමුන් රෝගිවීමේ ප්‍රවණතාව ඉහළයාම නිසා මේ වනවිට වාට්ටු 04ක් ළමුන් සඳහා වෙන්කර ඇත.
මෙහිදි නේවාසිකව ප්‍රතිකාර ගන්නා ළමුන් 152 ක් එම වාට්ටුවල රැඳිසිටි අයුරු රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය. වයස අවු 2-14 ත් අතර රෝගී ළමුන් නිවස තුළම රඳවාගෙන
ප්‍රතිකාර දීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත. රෝහල්
කාර්යමණ්ඩලය එහිදි පෙන්වා දුන් පරිදි ළමා ළැපැටියන් හදිසි අනතුරුවලට ලක්වීම අඩුකරගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය කොවිඩ් 19 ආසාධිත දරුවන් වෙනුවෙන් යෙදවිය හැකිය.
මෙවන් අසීරු තත්ත්වයකට රට පත්ව සිටින මොහොතක සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගී ජනතාව දෙස සුබවාදි ලෙස බලමින් තම සේවය ලබා දීමට කැපවීම ගැන රාජ්‍ය අමාත්‍යවරයා තම ප්‍රසංසාව පිරිනමන ලදී.