ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ. ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ම ඉදිකිරීමට මේ වන විට මූලික කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවේ.
ඒ අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරඟකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.