පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    සියලු පළාත් පාලන ආයතනවල ළමා හා කාන්තා ආරක්‍ෂණ කමිටු පිහිටුවන්න- රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

    අගෝස්තු 14, 2021

    ළමා හා කාන්තා හිංසන අවම කරමින් ඔවුන්ට ආරක්ෂාව හා රැකවරණය සැපයීමට අවශ්‍ය පියවර ගනිමින් සියලුම පළාත් පාලන ආයතනවල ළමා හා කාන්තා ආරක්‍ෂණ කමිටු මාසයක කාලයක් ඇතුළත පිහිටුවා පළාත් පාලන කොමසාරිස්වරු මගින් තමාට වර්තාවක් ලබා දෙන ලෙස පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ
    මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.


    මහනගර සභා 24ක, නගර සභා 41ක හා ප්‍රාදේශීය සභා 246ක නියෝජිතයින් 8719ක් සිටින අතර එයින් කාන්තා නියෝජිතවරියන් 2000කට අධික පිරිසක් කටයුතු කරනු ලබයි.  දරුවන්ගේ ලිංගික දර්ශන 17629ක් අන්තර්ජාලය හරහා සමාජයට මුදාහැර ඇතිබව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන ඇති අතර ඒ පිළිබදව පරීක්‍ෂණද ආරම්භ කර තිබීම රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අගයකර සිටි.


    පසුගිය මාස 6ක කාලය ඇතුලත ළමා අපයෝජන, අඩත්තේට්ටම්, හිංසනයට පත්කීරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4700 ඉක්මවයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය කුමාරි තෝරදෙණිය මහත්මිය පවසා සිටින්නේ, බාලවයස්කාර දරුවන් අතරින් 45.4% ක් කුමන හෝ හිංසනයට ලක්වන බවයි. එයින්ද 6.9% ලිංගික හිංසනයට ලක්වන බව ඇය කියා සිටී.

    මෙම තත්වය ඉතා කණගාටුදයක වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේද මේ පිළිබදව විශේෂ අවධානය යොමු වී ඇති අතර ළමා සංවර්ධන පිළිබද ජාත්‍යන්තර ක්‍රමවේද සොයා බලන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
    මේ සියල්ල සැළකිල්ලට ගනිමින් දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පළාත් පාලන ආයතන 341 මගින් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට තමා පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    ළමා හා කාන්තා ආරක්‍ෂණ කමිටු පිහිටුවීමේදී ප්‍රදේශයේ ආගමික නායකයින්, සිවිල් ක්‍රියාකාරිකයින්, පොලිස් ස්ථානාධිපත්වරුන්, ප්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන්ද සහභාගී කරගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ලේකම්වරයාට දැන්ම් දී ඇත. දරුවන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන අවමකර ගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විශ්වාසය පලකරයි. මේවන විටත් කොළඹ මහනගර සභාව ළමා හා කාන්තා ආරක්‍ෂණ වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් පවතින බවද අමාත්‍යවරයා කියා සිටි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya