විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ මැදිහත්විම මත, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.වී චානක මහතාගේ පූර්ණ සහයෝගයෙන් මෙම රැපිඩ් පීසීආර් පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයන් ගුවන් ගතවීමට පෙර සාමාන්‍යයෙන් පැය 3 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීම සිදුකළ යුතු වුව ද, රැපිඩ් පීසීආර් පරීක්ෂණ සිදුකර ගත යුතු බැවින් අවම වශයෙන් පැය 4 කට පෙර, ගුවන් තොටුපළ වෙත පැමිණිය යුතුය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණ වලට අනුව සියලු පුද්ගලයන් එරටට පැමිණීමට පෙර, මෙම පරීක්ෂණය සිදුකර ගත යුතු බැවින්, ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ පහසුකම් ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය දන්වා සිටියි.