රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් 2021 අගෝස්තු 08 වන දින නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී දෙවන වරටත් ආරම්භ කළ මෙම එන්නත් කරණ වැඩසටහන 2021අගෝස්තු මස 09 වන දින කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී මෙන්ම වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථානයන් හි දීත් ක්‍රියාත්මක කරන ලදි.
ඒ අනුව පසුගිය දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13822 ක් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබා දීම නාවික හමුදා එන්නත්කරණ වැඩසටහන මඟින් සිදු කරන ලදී.තවද, අගෝස්තු 10 දිනයේද, මෙම එන්නත් කරණ වැඩසටහන නාවික හමුදාව විසින් ඉහත ස්ථානයන්හිදී ක්‍රියාත්මක කරනු ලැබීය.
කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා මහජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබේ.