ප්‍රවාහන සේවය නොකඩවා සැපයිය යුතු නිසා ලංගම සේවකයින් සේවයේ යෙදවීම සහ ඔවුන් කොරෝනා අසාදිතව ප්‍රතිකාර ගැනීමට සිදුවුවහොත් ඔවුන් ආරක්ෂා කර ගැනීම
සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා පෙර ගත් තීන්දුවකට අනුව කළුතර රෝහලට සම්බන්ධව ලංගම සේවකයින් වෙනුවෙන් විශේෂිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කළුතර දී අද(15) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
මෙම මධ්‍යස්ථානයේ සෞඛ්‍ය අංශයේ කටයුතු කළුතර මහා රෝහල මඟින් සිදු කෙරෙන අතර, පහසුකම් සැපයීම යනාදී අනිකුත් පහසුකම් ලංගම විසින් සැපයෙනු ඇති. මේ වන විට සෞඛ්‍ය, වරාය, රේගුව වැනි රාජ්‍ය ආයතන වලට දැනටමත් එම සේවාව ලබා දී ක්‍රියාත්මක කොට තිබෙන බව පැවසු අමාත්‍යවරයා, අනෙකුත් ආයතන වලට ද ඒ ආකාරයෙන්ම ලබා දීමේ ජකියව තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
සඳුදා දිනයේ සිට ලංගම බස්රථ ඛාණ්ඩ දෙකකට ධාවනය කරනු ලැබේ, එනම් ධාවකයින් කොටස් දෙකකට වෙන් කොට එක සේවක පිරිසක් දින පහළොවක් සේවය කරන අතර අනිත් පිරිස ඉතිරි දින පහළොවෙන් පසු සේවයට කැඳවේ. වැඩ වර්ජනවලින් තොරව ජනතාවට සේවය කරන ධාවකයින්ගේ ජිවිත ද වසංගත යෙන් බේරා ගැනීම අත්‍යවශ්‍ය වන නිසා මෙලෙස ආරක්ෂාකාරී පියවරක් ලෙස මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
ඒ අනුව, ලංගම බස්රථ ප්‍රමාණයේ යම් අඩුවක් දක්නට ලැබෙනු ඇති බව ද, එය මඟ හරවා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට සේවකයින් ප්‍රවාහනය කර ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව ළඟම තිබෙන ලංගම ඩිපෝවට අමතා තම සේවකයින් ආරක්ෂාකාරී ලෙස ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුව සලසා ගත හැකි බව ද හෙතෙම වසංගත කාලයක වුව ද ජනතාව වෙනුවෙන් කැප වී සේවය කරන සමස්ත ලංගම බස් සේවකයික් හට බෙහෙවින් ස්තුතිය පුදකර සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.