කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙනු ඇත.
සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, පවතින කෝවිඩ් 19 වසංහගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බවය. එළඹෙන අඟහරුවාදා(17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබිණි.