පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නැහැ - විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    අගෝස්තු 16, 2021

    හයිටි රාජ්‍යයේ සිදුවී ඇති භූ කම්පනයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට යම් ගැටළුවක් සිදුවී ඇත්ද යන්න කියුබාවේ- හවානා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කර විමසූ බවත්, සිද්ධියෙන් හානියට පත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් නොමැති බව එහිදී සනාථ වූ බවත්  සභානායක, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලාංකිකයන් 250ක් පමණ එහි ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය. භූකම්පන ව්‍යසනය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය, හයිටි රජයට ද දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya