රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්‍රීයව නිෂ්ක්‍රය වන (AD) සිරින්ජ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූල උසස් තත්ත්වයේ ඒවා ලෙස සැළකේ.
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙයි කනනාදන් මහතා මෙම සිරින්ජ 800,000 ක පළමු තොගය භාරගෙන, අගෝස්තු 13 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එය ශ්‍රී ලංකාවට එවීම සඳහා පහසුකම් සැළසීය.
කෙන්යාවේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නියෝජිත රුවන් ප්‍රනාන්දු මහතා සහ ව්‍යාපාරික ඉර්ෆාන් මොහොමඩ් මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. නයිරෝබි ගුවන් තොටුපලේ දී පැවති කෙටි උත්සවයක දී කෙන්යාවේ රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොනික් වෝරා මහතා, කෙන්යාවේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කොට මෙම සිරින්ජ තොගය කඩිනමින් යැවීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව මහ කොමසාරිස් කනනාදන් මැතිතුමාට ස්තූති කළේය. ඉතිරි සිරින්ජ තොගය ලබන සතියේ දී එවනු ඇත.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහනට සහාය වීම සඳහා කෙන්යාවේ නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ආශ්‍රිත අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට එවන ලද පළමු අවස්ථාව මෙයවේ.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය- නයිරෝබි