ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කොට තිබේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, මීට පෙර අධ්‍යාපන,ක්‍රීඩා,වෘත්තීය පුහුණු ආදී අමාත්‍යාංශ රැසක අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ. 2005 සිට 2015 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර හෙබ වූ ඩලස් අලහප්පෙරුම මහතා, 2015 සිට 2020 කාලය තුළ ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ධුරයද හෙබවිය. එමෙන්ම 2016 සිට මේ වන තෙක් මාතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මහතා පුවත්පත් ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීන ජනමාධ්‍යවේදියෙක් විය.