ඔහු මේ බව සදහන් කළේ, අද (16) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති ''කොවිඩ් - 19 ''පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.
කොවිඩ් රෝගය ගර්භණී මවුවරුන්ට සෑදුණහොත් සංකූලතා දරුණු විය හැකි බවද, එම සංකූලතා මවට පමණක් නොව කුස තුළ සිටින දරුවාටද ඇති විය හැකි අතර මේ නිසා කුස තුළ සිටින දරුවා නියමිත දිනට පෙර බිහිවීමේ අවධානමක් පවතින බවද, මවුකුස තුළ දරුවා මියයා හැකි අතර නියමිත දිනට පෙරබිහිවන දරුවන් හට මොළයේ වර්ධනය අඩුකම, පෙනහළු වල වර්ධනයේ අඩුකම ආදී සංකූලතා ඇතිවිය හැකි බවද ඔහු සදහන් කළේය.
එම නිසා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීම වැදගත් බව පෙන්වාදෙමින් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් ආසාදිත මවකට කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇතිවීමට ඇති අවධානම වැඩි බවත් දැඩිසත්කාර ඒකක වලට ඇතුව වීමට මෙන්ම මාතෘ මරණ සිදුවීමට පවා අවධානමක් කොවිඩ් ආසාදනයත් සමග ගර්භණී මවකට ඇතිවන බවයි.
වත්මන් තත්ත්වයත් සමග සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් නිවසට වී සිටීමෙන් පමණක් ගර්භණී මවකට නිසි ආරක්ෂාවක් නොලැබෙන බවද, නිවැසියන්ද ආරක්ෂිතව කටයුතු කිරීම වැදගත් බව වෛද්‍යවරයා පෙන්වාදුන්නේය.
මේ වන විට ලංකාවේ ගර්භණී මවුවරු 30,000ක් පමණ සයිනොෆාම් එන්නත ලබාගෙන ඇතැයිද, එන්නත් ආරක්ෂිත බවට ප්‍රමාණවත් සාධක මේ වන විට ලොවපුරා කරන ලද පරීක්ෂණ වලින් ලැබී ඇතැයිද ඔහු පැවසුවේය.
මේ දක්වා ලංකාවේ ගර්භණී මවුවරුන් සදහා සයිනෝයාම් එන්නත පමණක් අනුමත වී තිබුණු අතර පසුගිය සිකුරාදා ස්පුට්නික් හැර මෙරට භාවිතා වන සෙසු එන්නත් 03 සදහා ද උපදේශන කමිටුවේ අනුමැතිය හිමිවුණ බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍යවරයා ගර්භණී කාලයේ මුල් සති 12 එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටිය යුතු නොමැති බවත්, ගර්භණී සමයේ ඔීනෑම අවස්ථාවක ඉහත සදහන් කළ එන්නත් වර්ග 04න් ඕනෑම එන්නතක් ලබාගත හැකි බවද වැඩිදුරටත් සදහන් කළේය.
ගර්භණී සමයේ සෑම මවකටම ලබාදෙන පිටගැස්ම එන්නත ලබාගැනීම සහ එම කාලයේදී මෙම කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ගැටලුවක් නොමැති බවද, ප්‍රථමයෙන් ජීවිතාරක්ෂාව උදෙසා කොවිඩ් එන්නත ලබාගැනීමට ප්‍රමුඛතාවය දෙන ලෙසද වෛද්‍යවරයා පැවසුවේය.
ඉදිරි දෙසතිය තුළ මෙතෙක් එන්නත් ලබානොගත් සියලුම ගර්භණී මවුවරුන් තම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය හමුවී එන්නත ලබාගත යුතු ස්ථානය පිළිබදව දැනුවත්වී එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙසද ඔහු වැඩිදුරටත් සදහන් කළේය