වසර 02 කට ආසන්න කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සදහා මෙන්ම ගෝලීය වසංගතයක් බවට පත් වූ කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමට තමා හට සහයෝගය ලබාදුන් සෞඛ්‍ය ලේකම්තුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවා, කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සිය කෘතඥතාවය පළ කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහයෝගය එලෙසින්ම ලබාදෙන ලෙස ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පවසන ලදි.