මේ අනුව අද (17) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් ද්විත්වයක් සහ රේගු ආඥා පනත (235 අධිකාරිය) යටතේයෝජනා ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.
ඉන්අනතුරුව ප.ව 4.30 සිට 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
මේ අතර මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ පරිදි විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කළ සැප්තැම්බර් මස 06 වන සදුදා දිනය මීළග පාර්ලිමේන්තු දිනය ලෙස ද මෙහිදී තීරණය විය.