පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන්න අගමැති උපදෙස්

    අගෝස්තු 17, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් 16 දින නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.

    ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දී ඇත.

    අග්‍රාමාත්‍යතුමා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ දිවයින පුරා ඇති මුහුදුබඩ ප්‍රදේශ හා වැව් ආශ්‍රිතව ධීවර ගම්මාන 60 කට වැඩි ප්‍රමාණයක් ඉදි කර තිබේ.

    මෙහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර ඇත්තේ මෙම ධීවර ගම්මාන වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම හා එම ගම්මානවල ජීවත්වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි.

    එම ජනතාවට සහන සැලසීමට, 2022 අයවැය සඳහා ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවක් (අයවැය යෝජනාවක්) සකස් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබාදී තිබේ.

    එමෙන්ම එම ධීවර ගම්මාන ආශ්‍රිතව නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යවරයාට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya