සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් සිදු කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දක්වමින්, නාවික හමුදාපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් ශ්‍රිලාංකිය පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රාහකත්වයෙන් 2021 මැයි මස 03 වන දින ආරම්භ කර 2021 ජුලි මස 06 වන දින අවසන් කරන ලදි.
ඒ අනුව, කෙටි කාලයක් තුල ඉදිකිරිම් අවසන් කර විශේෂ පහසුකම් ස්ථාපනය කිරිමෙන් අනතුරුව අද දින සිට විවෘත කෙරෙන මෙම ප්‍රථිකාර ඒකකය, කොවිඩ් 19 ආසාදිත විශේෂ ප්‍රථිකාර අවශ්‍ය රෝගින් 20 දෙනෙකු හට එකවර ප්‍රථිකාර ලබා දීමේ පහසුකම් සහිත ඇඳන් 20කින් (HDU Type Beds) සමන්විත වේ.
තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවති මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති නියෝජනය කරමින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා මහතා, ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්, ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි, මොහොමඩ් ඊබ්රහිම් සීරාජ් මහතා ඇතුළු එම රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගි වී සිටියහ.