දිවයිනේ ඩිජිටල් තාක්‍ෂණික දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය, කලාපිය මට්ටමින් සංවර්ධනය කිරීම සඳහා වූ “කලාපීය තාක්ෂණ පොකුරු” සංවර්ධන (Regional Cluster Development) ජාතික වැඩපිලිවළ දකුණු පළාතට හඳුන්වාදීමේ සමුළුවක් අගෝස්තු 20 ,21 දෙදින මාර්ගගත ක්‍රමයට (online) පැවැත්වේ.
ජාතික ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය (Digital Transformation Roadmap) පිළිබඳව දැනුවත් කිරීම සහ එය ක්‍රියාවට නැංවීම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම වැඩපිළිවල දියත්කර ඇත.බස්නාහිර පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත සහ උතුරු යන පළාත්වල සැලසුම් කර ඇති කලාපීය පොකුරු සංවර්ධන වැඩසටහන් පහෙ දෙවැන්න මෙයයි. තාක්‍ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), විදුලි සංදේශ හවුල්කරුවන් සහ කර්මාන්ත හවුල්කරුවන් මෙම දෙදින සමුළුවට එක්වනු ඇත.
රාජ්‍ය ආයතන නියෝජිතයින්, විදුලි සංදේශ හා තාක්‍ෂණ කර්‍මාන්ත නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආරම්භක තාක්ෂණ ව්‍යාපාරිකන් (startups) , දකුණු පළාත් වාණිජ මණ්ඩලය සහ අධ්‍යාපන අoශ නිලධාරීන්ටද මෙම සාකච්ඡාවට ආරාධනා කරතිබේ.
''ඩිජිටල් ශ්‍රී ලංකාවක්''සඳහා වූ දැක්ම හා දකුණු පළාත් පොකුරු සංවර්ධන කාර්යභාරය සහ ඩිජිටල් පරිවර්‍තන ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් වැනි කාලීන මාතෘකා මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
තාක්ෂන අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක, ප්‍රධාන විධායක නිලධාරි ඉන්ජිනේරු : මහින්ද බි හේරත් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
ඩයලොග් , ටෙලිකොම් , එස් එල් ටි මොබිටෙල් එයාර්ටෙල් , ලංකාබෙල් ,හචිසන් යන විදුලි සංදේශ සමාගම්වල ඉහළපෙලේ නියෝජිතයන් සමුළුවට එක්වේ. එමෙන්ම SLASSCOM, FITIS, BCS, CSSL, SLINTECH සහ SLIBTECH නියෝජනය කරන තාක්‍ෂණ කර්මාන්ත අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද මෙම සමුළුවේදී අඳහස් හුවමාරු කරගනු ඇත.
දකුණු පළාත් දිස්ත්‍රික් ලේකම්වරුන් ,ප්‍රාදේශීයලේකම් වරුන් ,වාණිජ මණ්ඩලය මෙම සමුළුවට පූර්ණ සහාය දක්වයි. මෙම මාර්ගගත (zoom )සමුළුවට සහභාගිවිමට ‘Southern
Province Road Show’ ලෙස සටහන් කොට නම සහ ඊමේල් (email )ලිපිනය සමග This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ඉල්ලුම් කළ හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
නියෝජිතායතනය දැනුම්දෙයි.