අධිකරණ අමාත්‍ය, ජනධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය.
කොවිඩ් වසංගතය හේතුවෙන් තමන්ගේ නඩු කටයුතු නියමිත කාලය තුළ ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී අධිකරණය මැදිහත් වෙමින් ඒ සඳහා අවස්ථාව ලබා දීම කොවිඩ් 19 විධි විධාන පනත මගින් බලාපොරොත්තු වන බවත් සෑම ප්‍රශ්නයක් දෙසම කුමන්ත්‍රණකාරී අරමුණින් නොබලා මෙම පනතට සහය දක්වන්නැයි අධිකරණ අමාත්‍යවරයා විවාදය අරඹමින් පැවසීය.
මීට පෙර සුනාමි ව්‍යසනය අවස්ථාවේදී අධිකරණය මැදිහත් වෙමින් මෙවැනි පහසුකම් ලබා දුන් බව පැවසූ අමාත්‍යවරයා, කිනම් බාධක මධ්‍යයේ වුවද අධිකරණය ක්‍රියාත්මක විය යුතු බවට තමා විශ්වාස කරන බවද කීය. වසංගතය හේතුවෙන් යම් ප්‍රදේශයක් lockdown කළද මිනිසුන්ගේ ප්‍රශ්න lockdown කළ නොහැකි බව පැවසූ අමාත්‍යවරයා, එවැනි අවස්ථාවල ඊට යාබද උසාවියට ගොස් හෝ තම ගැටළුව විසඳා ගත හැකි විය යුතු බව කීය.
විදේශ රටවල අධිකරණ නඩු අධ්‍යයනය කර මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනා බව පැවසු අමාත්‍යවරයා, සාධාරණ විවේචන ඇත්නම් එවැනි විවේචන පිළිගැනීමට තමා සූදානම් බවද සඳහන් කළේය.