ණය නොවන විදේශ විනිමය ක්ෂේත්‍රයන් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් ඉදිරි අයවැය සඳහා සිය අමාත්‍යාංශයට අදාළව යෝජනා ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මුදල් අමාත්‍යංශය මගින් ඉදිරි අයවැය සඳහා අමාත්‍යංශ මට්ටමින් යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුකරනු ලබයි. මේ මස 20 වන දිනට පෙර අදාල යෝජනා එවන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ වලට දැනුම් දී තිබේ. ඒ අනුව සංචාරක අමාත්‍යාංශයට අදාලව අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අමාත්‍යාංශ ප්‍රධානීන් සමග zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.
එහිදී සංචාරක ගුවන් සේවා ක්ෂේත්‍රය මෙන්ම සංචාරක ඉපයීම්, මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය කිරීමට අදාලව යෝජනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද
අමාත්‍යවරයා පෙන්වා දෙයි. වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසෙන ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි මෙවර අයවැයේදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පල කරයි.