මෙගා වොට් 01 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ අරමුණින් 2017 වර්ෂයේ ටෙන්ඩරයට අනුව අනුරාධපුර තරියන්කුළම ප්‍රදේශයේ අක්කර 04 ක භූමි ප්‍රමාණයක මෙම බලාගාරය ඉදි කිරීම් ආරම්භ කළද, ඇති වූ ගැටලුකාරී තත්වයන් හේතුවෙන් මෙතෙක් එය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නොහැකි වී ඇත.
අදාළ භූමිය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, අදාළ බලාගාරය මේ වසර අවසන් වීමට පෙර වැඩ නිම කර, ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය සහය රජය පාර්ශවයෙන් ලබා දෙන බවද පැවසීය.
ආණ්ඩු කිහිපයක් යටතේ වසර 10කටත් වඩා පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති බොහෝමයක් මේ අයුරින් පවතින බවත්, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කටයුතු මේ දින වල සිදු කරන බවත් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මඟින් ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් සපුරා ගැනීමේ ඉලක්කය මත වැඩ අතරමග නැවතුණු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය කටයුතු සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා කීය.
ආණ්ඩු ගණනාවක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමා වීම නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා ලියාපදිංචි වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත්,කෙටි කාලයක් තුළ අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට විෂය භාර අමාත්‍යවරා ලෙසින් තමා සමත් වු බව ද පෙන්වා දුන්නේය .
"අපි ඉතාමත් අපි මේ වන විට අපි මෙගාවොට් 550ක් මේ වගේ වසර 10ක් තිස්සේ ක්‍රියාත්මක කිරිමට නොහැකි වුණු ව්‍යාපෘති නැවත වරක් විදුලිය ජනනය කිරීමට අවශය බලපත්‍ර ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කර කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා.මේ වන විට ඒ සියළුළම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. , විදුලිබල මණ්ඩලයෙන් නවත්වල තිබුණු ඒ ලිපි ලේඛන , ඒ වගේම පරිසර අධිකාරිය , මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, වන සංරක්ෂණ, වන ජිවි ආදි ආයතන 16කට පමණ ගිහින් හිරවෙලා තිබුණු ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක කරගෙන යනවා . ඒ කියන්නේ මේ වන විට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම ආරම්භ කරල තියෙනවා කියන එක . බලපත්‍ර නිකුත් කරන එක, L.O ඒක ලබා දෙන එක සිදු කරමින් පවතිනවා.ඒ වගේම අනෙකුත් අයතන වලට මේ සඳහා අවශ්‍ය ලියකියවිලි දින 14ක කාලයක් ඇතුළත ලබා දෙන්න කියන නියෝගය සිදු කරල තියෙනවා " යැයි අමාත්‍යවරයා පැවසීය.